සාකච්ඡා කිරීමෙන් පලක් නෑ



කාශ්මීර අර්බුදය අවසන් කර සාමය උදාකර ගැනීමට ඉන්දියාව සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට උත්සාහ ගැනීමෙන් පලක් නැතැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත.

පාකිස්තාන අගමැති ඉම්රාන් මේ බව පවසා ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ‘අගමැති ධුරයට පත්වුණු දා පටන් මා උත්සාහ කළා ඉන්දියාව සමඟ සාකච්ඡා පවත්වන්න. දෙරට අතර සාමය ඇති කරන්න. බොහොම ඉවසීමෙන් කටයුතු කළා. ඒත් ඉන්දියාවට සාමය ගැන තැනීමක් නැහැ. සාකච්ඡා පැවැත්වීමේ අරමුණක් ඔවුන්ට නැහැ.’ යැයි පාකිස්තාන අගමැතිවරයා පෙන්වා දී ඇත.

ඉන්දියාවට අයත් කාශ්මීරයට ඉන්දීය ව්‍යවස්ථාවෙන් ලබා දී තිබුණු විශේෂිත බලතල ඉවත් කිරීමට ඉන්දීය රජය පියවර ගැනීමත් සමඟ ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදකාරී තත්ත්වය උත්සන්න වී ඇත. ඉන්දීය රජය කටයුතු කළ ආකාරය නීතිවිරෝධී යැයි පාකිස්තානය චෝදනා කරයි.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS