ස්වීඩනයට-ෆින්ලන්තයට රුසියාවෙන් තර්ජන

ස්වීඩනය සහ ෆින්ලන්තය, නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය සමඟ එක්වුවහොත්, තමන් තම ආරක්ෂාව තව තවත් වර්ධනය කර ගන්නා බවත්, න්‍යෂ්ටික අවි දේශසීමා ආශ්‍රිතව ස්ථානගත කිරීමට බලාපොරොත්තු වන බවත් රුසියාව තර්ජනය කර ඇත.
රුසියානු රජය වෙනුවෙන් මෙසේ තර්ජනය කර ඇත්තේ එරට ආරක්ෂක කවුන්සිල ප්‍රධානී දිමිත්‍රි මෙඩ්වදේව්ය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයකු වන මෙඩ්වදේව්, රුසියානු ජනාධිපති ධුරය ද හොබවා තිබේ.
ෆින්ලන්තය සහ ස්වීඩනය 'නෝටෝ' සාමාජිකත්වය ලබා ගැනීමට සූදානම් වන්නේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම මුල්කොට ගනිමිනි. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුමනය කිරීම තමන්ගේ ආරක්ෂාවට පමණක් නොව මුළු මහත් යුරෝපයේ ආරක්ෂාවට තර්ජනයක් යැයි ෆින්ලන්තය සහ ස්වීඩනය පෙන්වා දී ඇත.
ෆින්ලන්තය රුසියාවට මායිම් වෙයි. රුසියන් ෆින්ලන්ත දේශසීමාව කිලෝ මීටර් 1,300 කි. ෆින්ලන්තය නේටෝ සාමාජිකයකු වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් එලැඹෙන සති කීපයේ දී දැනුම් දෙන බව එරට අගමැතිනී සන්නා මරීන් පවසා ඇත. ස්වීඩනය ද නේටෝවට එක් වීමට කැමැත්ත පළ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ඉදිරියේ දී දැනුම් දීමට නියමිත යැයි පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

