ස්වරණාභරණ සොරකම් කළ ශ්‍රී ලාංකිකයන් 5ට කටාර්හිදී සිර දඬුවම්



කටාර් ජාතිකයෙකුට අයත් නිවසකට රාත්‍රි කාලයේදි පැන කටාර් රියාල් මිලියන 2.2ක් වටිනා ස්වර්ණාභරණ සහ මුදල් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ ශ්‍රීලාංකිකයින් 5 දෙනෙකුට කටාර් අධිකරණය මගින් වසරක සිරදඩුවම් නියම කළේය.

අනවසරයෙන් පෞද්ගලික දේපලවලට ඇතුළුවීම හා සොරකම්කිරීම යන චෝදනා මත මෙවුන් වරදකරුවන් කළ අතර වසරක සිරදඩුවම අවසන්වූ පසු එරටින් පිටුවහල් කරන ලෙසට දෝහා හි පිහිටි අපරාධ අධිකරණය මගින් නියෝග කරන ලදී.

නිවසේ අයිතිකරුවන් රාත්‍රි කාලයේදි නිවසේ නොසිටි අවස්ථාවකදි ඔහුගේ නිවසට ඇතුළුවී  සේප්පුවේ දමා තිබු මුදල් හා රන්ආභරන සොරාගත් බවයි මෙම ශ්රීලාංකිකයින් පාපපොච්ඡාරණය කර ඇත්තේ.

 

 

(ජී.ඩී.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

ජානක  ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS