ස්පාඤ්ඤ ‘බාස්ක්’ බෙදුම්වාදීහු වසර 49 කට පසු අවි බිම දමති



වසර 49 ක් තිස්සේ බෙදුම්වාදී සන්නද්ධ අරගලයක නියැලුණු ‘බාස්ක්’ සටන්කාමීන් හෙට (8) සිට අවි බිම දමා, ඔවුන්ගේ අරගලය අවසන් කිරීමට නියමිතය.

බාස්ක් බෙදුම්වාදීන්ගේ ගැටුම් හේතුවෙන් මියගිය ගණන 800 කට වැඩි යැයි ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙම බෙදුම්වාදීන් සන්නද්ධ අරගලයක් ආරම්භ කළේ 1959 වසරේදීය. ඒ, උතුරුදිග ස්පාඤ්ඤයේ සහ දකුණු දිග ප්‍රංශය අතර වෙනම රාජ්‍යයක් ඉල්ලමින්ය.  බාස්ක් බෙදුම්වාදීන්ට එක්වී සිටින්නේ ද අසාධාරයට ලක්වුණු ගම්වැසියන්ය.

බෙදුම්වාදී නායකයන් ස්පාඤ්ඤ රජයට ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ ඔවුන් අවි බිම දමන බවත්, මින් ඉදිරියට සාමය මුල් කොට ගනිමින්, සාම මාවතකට පිවිස, දේශපාලනික වශයෙන් තම අයිතීන් දිනා ගැනීමට උත්සාහ ගන්නා බවය.

බී.බී.සී. ඇසුරිනි

 


RECOMMEND POSTS