ස්පාඤ්ඤ බිම් තීරුවට අනවසර සංක්‍රමණිකයෝ කඩා පනිති

උතුරු අප්‍රිකා වෙරළ තීරයට ඔබ්බෙන්, මධ්‍යධරණී මුහුදෙන් සහ ජිබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධියෙන් වටවුණු ස්පාඤ්ඤයට අයත්, මොරොක්කෝව ආසන්නයේ පිහිටි ‘සෙයුටා’ නමැති කුඩා ගොඩබිම් තීරයට අනවසර සංක්‍රමණිකයන් පිරිසක් කඩා වැදීමත් සමග දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය.
‘සෙයුටා’ බිම් තීරුවට කඩා වැදුණේ යුරෝපයට යෑමට උත්සාහ ගන්නා අනවසර සංක්‍රමණිකයන් පිරිසකි. මොවුන් දිවි පරදුවට තබා මොරොක්කෝවේ පිහිනා ‘සෙයුටා’ බලා පැමිණි බව වාර්තා වේ. එසේ මුහුදේ පිහිනා ආ තිදෙනෙක් ගිලී මරණයට පත් වුණු බවත් තවත් පස් දෙනෙක් අතුරුදන් බවත් ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයෝ පසුව පැවැසූහ.
‘සෙයුටා’ බලධාරීන් පැවැසුවේ, පිහිනා ‘සෙයුටා’ බලා පැමිණි පිරිස අතරේ පිරිමින් පමණක් නොව, කාන්තාවන් සහ කුඩා දරුවන් ද සිටින බව පැවැසෙයි. මාපියන් තම දරුවන් තුරුලු කර ගනිමින් ඉතා අනතුරුදායක ලෙස රළු මුහුද හරහා පිහිනා ආ බව මාධ්‍ය වාර්තා කර ඇත.
ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින්, දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීමට ස්පාඤ්ඤය බැඳී සිටින බවත්, ‘සෙයුටා’ ගොඩබිම් තීරුවේ පවතින නොසන්සුන්තාව පාලනයට හමුදාව යෙදවීමට පියවර ගත් බවත් ස්පාඤ්ඤ විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. හමුදා සාමාජිකයන් සහ කලහකාරී තරුණයන් අතරේ ගැටුම් හටගත් බවත් එම ගැටුම්වලින් ද තරුණයන් නව දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
යුරෝපයට යෑමට උත්සාහ ගන්නා අනවසර සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගෙන රඳවා තැබෙන මධ්‍යස්ථානයක ‘සෙයුටා’ හි ඇති බවත්, එය මේ වනවිට අනවසර සංක්‍රමණිකයන්ගෙන් පිරී ගොස් ඇති බවත් වාර්තා වේ. මෙම අනවසර සංක්‍රමණිකයන් උත්සාහ ගනිමින් සිටින්නේ යුරෝපය බලා පෑමටය. ඔවුන්ගෙන් වැඩිදෙනා උතුරු අප්‍රිකා රටවල වැසියන් බව ද පැවැසෙයි.

