ස්පාඤ්ඤයේ මියගිය ගණන 8,464 ක්

කොරෝනා වයිරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ මියගිය ගණන 8, 464 ක් යැයි එරට රජය ප්‍රකාශ කළේය. අද (1) වනවිට ස්පාඤ්ඤයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 95,923 කි.
ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත් කරන තිබෙන කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියට පසුව වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි.
කෙසේ නමුත්, ඉරිදා ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මරණ තරමක් අඩු වී තිබූ අතර ඒ අනුව ස්පාඤ්ඤ බලධාරීන්ට යම් බලාපොරොත්තුවක් ඇති වී තිබිණි. ස්පාඤ්ඤය තුළ කොරෝනා වයිරසය උච්ඡතම අවස්ථාවට පැමිණ ඇතැයි ද දිනපතා වාර්තා වන ආසාදිතයන් සහ මරණ ගණන ක්‍රමයෙන් අඩුවනු ඇතැයි ද ස්පාඤ්ඤය බලධාරීහු බලාපොරොත්තු තබා සිටියහ.
ඒ.එෆ්.පී.

