ස්ත්‍රී දූෂණයකට සෞදියේදී හතරකට සිර දඬුවම්



අවස්ථා දෙකකදී විවාහක කාන්තාවක් දුෂණය කිරීමේ චෝදනාවලට වරදකරුවන් වු පුද්ගලයන් 4 දෙනෙකුට එරෙහිව සෞදියේ ජෙඩා අධිකරණය විසින් සිර දඩුවම් නියමකර ඇත.

 මෙලෙස දඩුවම් නියමවූ විත්තිකරුවන් අතර සෞදි අරාබි ජාතිකයන් 3 දෙනෙකු සහ සුඩාන ජාතිකයකු වෙති.
සැකකරුවන් 4 දෙනා අදාළ කාන්තාව දුෂණය කර ඇත්තේ ඇයගේ සැමියා සහ තරුණ දියණිය ඉදිරියේ බවයි මොවුන් එරෙහි නඩු විභාගයේදී වාර්තා වී ඇත.එමෙන්ම ඔවුන් කාන්තාවගේ නිවසින් සෞදි රියාල් දස දහසක් සහ ජංගම දුරකථන 8 ක් ද සොරකම් කර තිබෙනවා.

ජෙඩා නුවර අධිකරණය නියෝග කර ඇත්තේ සිර දඩුවමට අමතරව මෙම පුද්ගලයන්ට කස පහර ද ලබාදීමටයි. 17 හැවිරිදි පසුවන එක් සැකකරුවකුට වසර 17 ක සිර දඩුවමක් නියමවී ඇති අතර ඔහුට අවස්ථා 50 කදී කස පහර 2500 ක් ලබාදීමට නියමිතයි.

පිළිවෙළින් දෙවන සහ තුන්වන විත්තිකරුවන්ට වසර 15 ක සිර දඩුවමක් නියමවී ඇති අතර ඔවුන්ට ලැබෙන කස පහර සංඛ්‍යාව 1500 ක්. එය අවස්ථා 30 කදී ලබාදෙනු ඇති. 4 වන විත්තිකරුට නියමවී ඇති සිර දඩුවම් කාලය වසර 5 ක්. ඔහුට ද කස පහර 1500 ක් නියමවී තිබෙනවා. කෙසේවෙතත් මෙම දඩුවම ප්‍රමාණවත් නොවන බවටයි සෞදියේ ඇතැම් පිරිස් ප්‍රකාශකර ඇත්තේ.

( තිළිණි ද සිල්වා )

සෞදි ගැසට් ඇසුරෙනි........


RECOMMEND POSTS