ස්ටොක්හෝම් නුවර වෙළෙඳසැලකට ලොරියක් කඩා වදී

ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර මධ්‍යයේ පිහිටි වෙළෙඳසැලකට ලොරියක් කඩා වැදීමෙන් පුද්ගලයෝ පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 15 කි.
ස්වීඩනයේ වේලාවෙන් සවස 3 ට පමණ සිදුවුණු මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි අනුමාන කෙරේ. කෙසේ නමුත් එහි වගකීම කිසිවකු විසින් මෙතෙක් බාර ගනු ලැබ නැතැයි ද වාර්තා වේ.
ප්‍රහාරකයා ලොරි රථයක් පදවාගෙන එය වෙළෙඳසැලට කඩා වැදීමට සලස්වා ඇත්තේ මාර්ගයේ සිටි පිරිස් සහ වෙළෙඳසැලේ සිටි පිරිස් යට කරමින් යැයි සිද්ධිය දුටුවෝ පවසති.
ලොරිය වෙළෙඳ සැලට කඩා වැදීමෙන් පසු, වෙඩි තැබීම් කිහිපයක් ද වාර්තා වුණැයි ස්ටොක්හෝම් පොලිසිය පවසා ඇත.
සිද්ධිය ගැන සැලවීමත් සමඟ ස්ටොක්හෝම් පොලිස් නිලධාරීන් සහ ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණි බව ද වාර්තා වේ.
අවට මාර්ග සියල්ල වසා දැමුණු බවත්, අවට සිරි පිරිස් වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කළ බවත් ස්වීඩන පුවත් සේවා වාර්තා කර තිබේ.
තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර, ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. එය ත්‍රස්ත ප්රහාරයක්දැයි සැක හැර දැනගැනීමට දිගටම පරීක්ෂණ සිදු කරන බව පොසිය පවසා ඇත.
(ඩේලිමේල් ඇසුරිනි)

