ස්ටාර්මර් ධුරයෙන් ඉවත් වීම: ට්‍රම්ප් කරුණු පහදයි



කීර් ස්ටාර්මර්ට පක්ෂ නායකත්වයෙන් මෙන්ම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීමට සිදුවූයේ ඔහු ඇමෙරිකාව සමග  රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිසි ලෙස කළමනාකරණය කර නොගැනීම නිසා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.

මහා බ්‍රිතාන්‍යය මුහුණ දෙන බලශක්ති අර්බුදය, සංක්‍රමණික ගැටලුව සම්බන්ධයෙන් ස්ටාර්මර් ක්‍රියා කළ ආකාරය බ්‍රිතාන්‍ය වැසියන්ගේ අප්‍රසාදයට ලක්වුණු බවත්, එය ස්ටාර්මර්ගේ ජනප්‍රියත්වය පහළ දැමීමට හේතුවක් වූ බවත් ට්‍රම්ප් පවසා ඇත.

ස්ටාර්මර් ප්‍රියමනාප පුද්ගලයකු වුවද, ඔහුගේ අදූරදර්ශී ප්‍රතිපත්ති හේතුවෙන් දේශපාලන වශයෙන් දැඩි පසුබෑමකට ලක්වූ බව ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කම්කරු පක්ෂයයි.

ස්ටාර්මර්ගේ පක්ෂ නායකත්වයට අභියෝග එල්ල වී ඇති බැවින්, ඔහු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය. ඒ සමගම අග්‍රාමාත්‍ය ධුරය ද ඔහුට අහිමි විය. නව පක්ෂ නායකයකු තෝරා ගන්නා තුරු තමන් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින බව ස්ටාර්මර් පවසා ඇත.


RECOMMEND POSTS