සවුදි සිසුන් 60කගේ ඇමෙරිකානු වීසා අවලංගුයි



පසුගිය මාස තුනක කාලය තුළ ශිෂ්‍යත්ව මත ඇමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබමින් සිටි  ශිෂයන් හැට දෙනෙකුගේ වීසා බලපත් අහිමිවී  ඇතැයි එරට සවුදි තානාපති කාර්යාලයේ සංස්කෘතික නිලධාරියා පවසයි.

එක්සත් ජනපදයේ සිටින සවුදි සංස්කෘතික නිලධාරි මොහමඩ් අල් ැසා පවසන්නේ ඇමෙරිකානු සංක්‍රමණ නිති උල්ලංඝණය නිසා මෙම වීසා අවලංගු කර ඇති බවයි.

ඇමෙරිකාවේ අධ්‍යාපනය ලබන සවුදි ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව 120,000ක් වන අතර ඔවුන්ගෙන් 60 දෙනෙකු සවුදි අරාබියට ආපසු පැමිණ ඇත.

සවුදි අරාබියෙන් ඇමෙරිකාවට ගොස් සිටින බොහෝ සිසුන් ඇමෙරිකන් ගුවන් තොටුපලවලදී රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන්නේ ඔවුන්ගේ ජංගම දුරකතනවල ප්‍රශ්නකාරි දේවල් අඩංගු වන නිසා බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අභ්‍යන්තර මහජන සම්බන්ධතා හා මාධ්‍ය අධ්‍යක්ෂ මොහම්ඩ් අල් මරූල් කියා සිටියේය.


RECOMMEND POSTS