සර්ව සාධාරණ මැතිවරණයක්



සර්ව සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට හැකිවුණැයි, මැතිවරණ දූෂණ සිදුවුණැයි එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන පාකිස්තාන මැතිවරණ කොමිසම කියයි.

‘කිසිම අක්‍රමිකතාවක් සිද්ධ වුණේ නැහැ. හොර ඡන්ද දැමීමක් සිදුවුණේ නැහැ. සියයට සියයක් සර්ව සාධාරණ අයුරින් මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබුණා’ යැයි පාකිස්තාන මැතිවරණ කොමසාරිස් සර්දාර් මුහම්මද් රාසා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නිවේදනය කළේය.

ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද දිනය පුරාවට සිදුවනු ඇති බව ද මැතිවරණ කොමසාරිස්වරයා වැඩි දුරටත් කියා සිටියේය.

මැතිවරණ දූෂණ සිදුවුණැයි චෝදනා කර ඇත්තේ පාකිස්තාන මුස්ලිම්ලීගය පක්ෂයේ එන් නියෝජනය කරමින්, අගමැති අපේක්ෂක ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත් වුණු හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ සොයුරු ෂෙබාබ් ෂරීෆ්ය. මූල්‍ය වංචා සහ දූෂණ චෝදනාවලට වරදකරු වුණු නවාස් ෂරීෆ් මේ වනවිට සිරදඬුවම් විදිමින් සිටී.

සියයට 30 ක් ඡන්ද ගණන් කර අවසන් වෙද්දී, පාකිස්තානයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් පළමු ස්ථානයට පත් වී සිටියේය.
ෂෙබාබ් ෂරීෆ් සහ ඔහුගේ මුස්ලිම් ලීගය එන් පක්ෂය දෙවැනි ස්ථානයටත්, හිටපු අගමැතිවරුන් වන ඝාතනයට ලක් වුණු බෙනාසීර් බූතෝගේ සහ අගමැති අසීෆ් අලි සර්දාරිගේ පුතා බිල්ලවාල් බූතෝගේ පාකිස්තාන ජනතා පක්ෂය තෙවැනි ස්ථානයටත් පත් වී තිබුණි.

(එන්.ඩී.ටීවී/රොයිටර්)


RECOMMEND POSTS