සන්නද්ධ කල්ලියක් ලිබියාවේ තෙල් පිරිපහදු 2 කට පහර දෙයි



ලිබියාවේ එස් සිදර් සහ රාස් ලනුෆ් යන ප්‍රධාන පෙළේ තෙල් පිරිපහදු දෙකට සන්නද්ධ කල්ලියක් පහර දී ඇතැයි එරට රජය පවසයි.

‘බෙන්ගාසි ආරක්ෂක බළැණිය’ යනුවෙන් හැඳින්වෙන මෙම සන්නද්ධ කල්ලිය උත්සාහ ගන්නේ තෙල් අපනයන කටයුතු කඩාකප්පල් කිරීමට යැයි ලිබියානු රජය චෝදනා කරයි.

රාස් ලනුෆ් තෙල් පිරිපහදුව මේ වනවිට ඇත්තේ මෙම සන්නද්ධ කල්ලියේ ග්‍රහණයේ යැයි ලිබියානු රජය වෙනුවෙන් එරට ජාතික හමුදාවේ ප්‍රධානී කර්නල් අහ්මද් මෙස්මාරී පවසා ඇත.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS