සතියක් ඇතුළත ෆාමසි 18කට පැන්න සොරා දැලේ

සතියක් ඇතුලතදී ෆාමසි (ඔසුහල්) දහඅටකට ඇතුළුවී එහි තිබු මුදල් සහ වටිනා භාණ්ඩ සොරකම් කල පුද්ගලයෙකු රියාද් පොලීසියි විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තම වෙළද ආයතනය තුල සිදුව ඇති සොරකම් සම්බන්ධයෙන් ෆාමසි හිමිකරුවන් රියාද් පොලීසියට පැමිණිලි කලේය. සිදුවන සොරකම් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් අරම්භකරන ලදී.
සෞදි අරාබියේ උතුරු සහ නැගෙනහිර දිස්ත්රික වල පිහිටි ෆාමසි මොහුගේ ඉලක්කය වී ඇති බව විමර්ශනයේදි අනාවරණය වී ඇත.
විමර්ශනයෙන් අනතුරුව පොලීසිය සොරකමට සම්බන්ධ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තේය.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නීතිමය කටයුතු කරගෙන යෑම සදහා මහජන විමර්ශන කාර්යංශයට භාරදී ඇත.
ගෙනුවී ඇති සාක්ෂි මත සොරකමට සම්බන්ධ පුද්ගලයාට විරුද්ධව නීතිමය පියවර ගිනීමට නියමිතයි.
ජානක ප්රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන්. ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

