ශීත ඔලිම්පික් උළෙල අද ඇරැඹේ



‘කොවිඩ් 19’ වසංගත මැද, ශීත ඔලිම්පික් උළෙල අද (4) චීනයේ බෙයිජීං අගනුවර කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ වෙයි

ශීත ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වූ චීන ජනාධිපති ෂී ජින්පින් එම අවස්ථාවට රැස්ව සිටි සියලු දෙනාට සහතිකයක් ලබා දුන්නේ මේ වනවිට බෙයිජීං අගනුවර පවතින 'කොවිඩ් 19' ව්‍යාප්තිය ඔලිම්පික් උළෙලට බාධාවක් වීමට ඉඩ නොදෙන බවය.

බෙයිජීං ඔලිම්පික් ගම්මානයේ නිලධාරීන් පමණක් නොව, ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනකු ද ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙසේ ආසාදිතයන් හමු වී ඇත්තේ, ඔලිම්පික් උළෙලට සහභාගී වන සියලුම දෙනා දිනපතා ‘කොවිඩ් 19’ පරීක්ෂණ සඳහා යොමු කරන බැවිනි.

දෛනික ‘කොවිඩ් 19’ පරීක්ෂණවලට අමතරව, ඔලිම්පික් ගම්මානයට පැමිණෙන සියලු දෙනා මුහුණු ආවරණ පැලඳ සිටීම අනිවාර්ය වෙයි. ආසාදිතයන් ලෙස හඳුනා ගැනෙන සියලු දෙනා නිරෝධායනයට යොමු කෙරෙන පැය 24 ක් තුළ කොරෝනා පරීක්ෂණ දෙකකින් ‘නෙගටිව්’ වීමෙන් පසු නිරෝධායන කාලය අවසන් වනු ඇති බව බලධාරීහු පැහැදිලි කරති.

(රොයිටර්)


RECOMMEND POSTS