ශීත ඔලිම්පික් උළෙලට බාධා නෑ

‘කොවිඩ් 19’ වසංගත මැද, ශීත ඔලිම්පික් උළෙල හෙට (4) චීනයේ බෙයිජීං අගනුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වීමට නියමිත අතර, චීන සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් අනුව, චීන ජනාධිපති ෂී ජින්පින් සහතික වී ඇත්තේ ඔලිම්පික් උළෙලට කොරෝනා වසංගතයෙන් කිසිදු ආකාරයකින් බාධාවක් වීමට ඉඩ ලබා නොදෙන බවය.
චීන ජනාධිපති ෂී ජින්පින් මෙසේ සහතිකයක් ලබා දුන්නේ අද (3) ඔලිම්පික් උළෙල ආරම්භ වීමට පෙර, බෙයිජීං අගනුවර ‘ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව’ පැවැත්වූ විශේෂ සැසියකට සහභාගී වෙමිනි.
මේ වනවිට, බෙයිජීං අගනුවර ඔලිම්පික් ගම්මානයේ නිලධාරීන් පමණක් නොව, ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ආසාදිතයන් බව තහවුරු වී තිබේ.
මෙසේ ආසාදිතයන් වාර්තා වී ඇත්තේ, ඔලිම්පික් උළෙලට සහභාගී වන සියලුම දෙනා දිනපතා ‘කොවිඩ් 19’ පරීක්ෂණ සඳහා යොමු කරන බැවින් යැයි ද චීන බලධාරීහු වැඩිදුරටත් පෙන්වා දෙති.
දෛනික ‘කොවිඩ් 19’ පරීක්ෂණවලට අමතරව, ඔලිම්පික් ගම්මානයට පැමිණෙන සියලු දෙනා මුහුණු ආවරණ පැලඳ සිටීම අනිවාර්ය වෙයි.
ආසාදිතයන් ලෙස හඳුනා ගැනෙන සියලු දෙනා නිරෝධායනයට යොමු කෙරෙන පැය 24 ක් තුළ කොරෝනා පරීක්ෂණ දෙකකින් ‘නෙගටිව’ වීමෙන් පසු නිරෝධායන කාලය අවසන් වනු ඇති බව බලධාරීහු පැහැදිලි කරති.
(රොයිටර්)

