ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වැරදියි

බි්රතාන්ය පාර්ලිමේන්තුව සති පහකට අත්හිටුවීමට අගමැති බොරිස් ඩොන්සන් ගත් තීරණය වළක්වමින්, එරට ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයත් සමඟ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු උදෑසන පාර්ලිමේන්තුවට පැමිණයහ.
පාර්ලිමේන්තුව අත්හිටුවීම නීතිවිරෝධී යැයි තීන්දු කරමින් එම තීරණය වැළැක්වීමට බි්රතාන්ය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගැනීම ‘වැරදි’ යැයි අගමැති බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
ජොන්සන් අගමැති ධුරයෙන් ඉවත් විය යුතු යැයි විපක්ෂය වන කම්කරු පක්ෂයෙන් බලපෑම් එල්ල විය. බි්රක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට තමන් අගමැති ධුරය බාරගත් බවත්, එය අවසන් කිරීම තම එකම අරමුණ බවත් අගමැති ජොන්සන් අවධාරණය කළේය.
අගමැති ජොන්සන් පාර්ලිමේන්තුව සති පහකට අත්හිටුවූයේ මහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බි්රක්සිට් කි‍්‍රයාවලිය කඩිනමින් අවසන් කිරීම සඳහාය. අගමැති ජොන්සන් උත්සාහ ගන්නේ යුරෝපා සංගමය සමඟ එකඟතාවක් ඇතිව හෝ නැතිව මහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීමටය.
කෙසේ නමුත් බි්රතානයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කම්කරු පක්ෂයෙන් පමණක් නොව අගමැති ජොන්සන්ගේ පාලක කොන්සවර්ටිව් පක්ෂයෙන් ද ඊට විරෝධයක් එල්ල වී තිබේ. විපක්ෂ කම්කරු පක්ෂ මන්තී‍්‍රවරුන් පල කර ඇත්තේ ජොන්සන් අගමැති ධුරයෙන් ඉවත් විය යුතු බවය.
බි්රක්සිට් කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් තම යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ නම් යළි මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවන බව අගමැති ජොන්සන් පවසා ඇති නමුත්, ඔහුගේ කොන්සවර්ටිව් පක්ෂයෙන් ඊට විරෝධයක් ද එල්ල වී තිබේ.
(ඒ.එෆ්.පී.)

