ශ්‍රී ලාංකික තිදෙනෙක් කුවේටයේදී කසිප්පු පෙරලා



( තිළිණි ද සිල්වා )

කුවේටයේ දී නීතිවිරෝධී අන්දමින්  මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට තානාපති ආරංචි  මාර්ග පවසයි.

මෙම ලාංකිකයින් තිදෙනා කුවේටයේ කෙයිෆාන් ප්‍රෙද්ශයේ මෙලෙස නීතිවිරෝධී මත්පැන් නිපදවීමේ කටයුතු වල නිරතව ඇත.මොවුන් සමග මෙම නීතිවිරොධී කටයුතු සිදු කළ ඉන්දීය ජාතිකයෙකු ද කුවේට් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එරට පොලිස් බලධාරීන් සදහන් කරන්නනේ සැකකාර ලංකිකයින් තිදෙනා සහ ඉන්දීය ජාතිකයා කුලියට ලබාගත් නිවසක් තුළ ඔවුන් මෙම ජාවාරම සිදුකර ඇති බවයි.

මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ සහ බැරල් 152 ක්ද, එහිදී එරට ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.

සැකකාර ලාංකිකයින් සහ ඉන්දීය ජාතිකයා කුවේට් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


RECOMMEND POSTS