ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට අතවර කරන්නට ගිය පකිස්තානුවාට සිර දඬුවම්

ඩුබායි සේවයේ නියුතු ශ්‍රී ලාංකික ගෘහසේවිකාවකට ලිංගක හිරිහැර සිදු කොට දූෂණය කිරීමට තැත්කිරීමේ චෝදනාවකට වරදකරු වූ පකිස්ථාන ජාතිකයාට එරෙහිව ඩුබායි අපරාධ අධිකරණය විසින් වසර තුනක සිරදඬුවම් පනවා ඇතැයි ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කළේය.
මෙලෙස චූදිත පකිස්ථාන ජාතිකයාට දඬුවම් නියම වූයේ එම ලාංකික සේවිකාව විසින් ඩුබායි පොලීසියට කළ පැමිණිල්ලකට අදාළව පවරා තිබූ නඩු විභාගයක් අවසන් කරමිනි.
මෙම ලාංකික කාන්තාව සහ චූදිතයා ඩුබායි හි අල් බර්ෂා හි පිහිටි එමිරාටි හාම්පුතුගේ නිවසේ සේවය කරමින් සිට ඇතියිද වාර්තාවේ.
මේ මස මුලදී එම හාම්පුතු නිවසේ නැති අවස්ථාවක නිවසේ උයන්පල්ලෙකු වශයෙන් සේවය කළ මෙම පකිස්ථාන ජාතිකයා නිවසේ වැඩකටයුතු වල නිරතව සිටි තමාට ලිංගික හිරිහැර සිදු කර ¥ෂණය කිරීමට තැත් කළ බවද එම නඩු විභාගයේදී අදාළ ලාංකික සේවිකාව විසින් පාපොච්ඡාරණය කළ බවද ගල්ෆ් නිව්ස් වෙබ් අඩවි වාර්තාවේ දැක්වේ.
පසුව තමන් ඒ ගැන නිවසේ හාම්පුතුට දැනුම් දීමෙන් පසුව ඩුබායි පොලීසියට පැමිණිලි කළ බවද ඇය සාක්ෂි විභාගයේදී සදහන් කරනු ලැබ ඇත.
අධිකරණයේ දී එල්ල වූ එම චෝදනා වලට වරද පිළිගත් පකිස්ථාන ජාතිකයාට මෙම දඬුවම නියම කරන ලදී.වසර තුනක සිර දඬුවම අවසන් වීමෙන් අනතුරුව චූදිතයා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලෙසද ඩුබායි අපරාධ අධිකරණය නියෝග කරන ලදී.
( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.......

