ශ්‍රී ලංකාව 9 වැනි තැන
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය සමඟ ‘ ඕස්ටේ්රලියානු සහතිකලත් කළමණාකරන අධිකාරිවරුන්ගේ ආයතනය’ සකස් කළ ‘වසංගත රෝග වැළැක්වීම සඳහා ගෝලීය නායකත්ව ප්‍රතිචාර දර්ශකය’ ට අනුව, ශී‍්‍ර ලංකාව සහ ශී‍්‍ර ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව වැනි ස්ථානය හිමි වී තිබේ.
‘කොවිඞ් 19’ වයිරස වසංගතය හමුවේ රාජ්‍ය නායකයන් ඊට ප්‍රතිචාර දක්වන ආකාරය සහ ඒ ඒ රටවල සෞඛ්‍ය අංශ කි‍්‍රයාකාරීත්වය සැලකිල්ලට ගනිමින් ඕස්ටේ්රලියානු සහතිකලත් කළමණාකරන අධිකාරිවරුන්ගේ ආයතනය මෙම ගෝලීය දර්ශකය (ග්රිඞ් ඉන්ඩෙක්ස්) සකස් කර තිබේ. ඒ, විවිධ අංශ යටතේ ළකුණු ලබා දීමේ ක්‍රමවේදයක් භාවිතයට ගනිමිනි.
ව්‍යසනයකදී රාජ්‍ය නායකයන් තම රටවැසියන්ගේ යහපත වෙනුවෙන් ඔවුන් ආරක්ෂා කරන අතරතුරේ, ගෝලීය යහපත වෙනුවෙන් ගන්නා කි‍්‍රයා මාර්ග කෙරෙහි ද අවධානය යොමු කරමින් මෙම දර්ශකය සකස් කළ බව ඒ සඳහා පුරෝගාමීව කටයුතු කරන ආචාර්ය කි‍්‍රස් දෙ සෝසා පැහැදිලි කර තිබේ. මේ සම්බන්ධයෙන් සියලූ විස්තර ඕස්ටේ්රලියානු සහතිකලත් කළමණාකරන අධිකාරිවරුන්ගේ ආයතනයේ නිල වෙබ් අඩවිය වන සී.එම්.ඒ. වෙබ් ලයින් හි සඳහන් වෙයි.
ශී‍්‍ර ලංකාවේ වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ එක් කරගනිමින් ආරම්භ කළ කි‍්‍රයාදාමය මේ වනවිට ජාත්‍යන්තරයේ පවා පැසැසුමට ලක් වී ඇත.
සී.එම්.ඒ. වෙබ් ලයින් වෙබ් අඩවියට අනුව මෙම දර්ශකයේ පළමු තැනට පත් වී ඇත්තේ නවසීලන්තය සහ නවසීලන්ත අගමැතිනිය ජෙසෙන්ඩා එර්ඩන් මහත්මියයි.
දෙවැනි ස්ථානය සිංගප්පූරුවට, තෙවැනි ස්ථානය අයිස්ලන්තයට හිමිවී ඇත. ඉන්පසු පිළිවෙළින් ඕස්ටේ්රලියාව, ෆින්ලන්තය, නෝර්වේ, කැනඩාව, දකුණු කොරියාව, හොංකොං සහ ශී‍්‍ර ලංකාව ලැයිස්තුවට ඇතුළත්ය.
ශී‍්‍ර ලංකාවට පසු එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ඉන්දියාව, රුසියාව සහ ‘කොවිඞ් 19’ වයිරසය ආරම්භ වූ චීනය ද සිටී. ඇමෙරිකා එක්සත් ජනපදය ඇත්තේ 23 වැනි ස්ථානයේය.
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ආරම්භ වූයේ පසුගිය දෙසැම්බරයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. කෙසේ නමුත් මේ වනවිට චීනයේ වයිරස ආසාදිතයන් අඩු වී ඇති අතර, වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ලොව පුරා මිලියන දෙකකට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වී ඇති බව ද වාර්තා වේ.
සී.එම්.ඒ. වෙබ් ලයින් වෙබ් අඩවිය

