ශ්‍රී ලංකාවේ නිදහස් දිනයට ඕමානයෙන් හා ඉරානයෙන් සුබ පැතුම් !
ලංකාවේ 69 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ඕමානයේ පාලක රජතුමන් වන සුල්තාන් කාබූස් සහ ඉරානයේ ජනාධිපති හසන් රෞහානි සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.
නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාව සුබ පැතුම් එක් කරන ඕමාන් සුල්තාන්වරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ඕමානයට වැදගත් වන බවය.එසේම වඩාත් යහපත් ලෙසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්රමුඛ රජය විසින් සිදු කරනු ලබන වැඩපිළිවෙළහි සංවර්ධනාත්මක ප්‍රගතියක් අත් කර ගැනීම ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා යැයි නිවේදනයක් නිකුත් කරමින් ඕමාන් සුල්තාන්වරයා මෙරටට සුබ පැතුම් එක් කර තිබිණි.
ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ඉරාන ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස් දිනයට සියලුම ශ්‍රී ලාංකිකයින්ට සුබ පැතුම් එක් කරන බවයි.
එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමතමින් එවා ඇති එම පණිවුඩයේ දැක්වෙන්නේ මෙරට නිදහස් දිනය වෙනුවෙන් තමා ඉතසිතින් සුබ පතන බවත් , කොළඹත් ටෙහෙරානයත් මූලික කර ගනිමින් ශක්තිමත් සබඳතා ඇති කර ගනිමින් ශ්‍රී ලාංකික ජනතාවට ඉදිරි වර්ෂයේදී සතුට හා වාසනාව උදාවේවා යැයි තමා ප්‍රාර්ථනා කරන බවද ඉරාන ජනාධිපති හසන් රෞහානි මහතා කීය.
.
( තිළිණි ද සිල්වා)
ටයිම්ස් ඔෆ් ඕමාන් සහ ප්‍රෙස් ටීවී ඇසුරෙනි....

