ශෂිකලාගේ දිවුරුම්දීම අද නොවේ හෙට

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැතිනිය ලෙස ශෂිකලා නට්රාජන් අද (7) දිවුරුම් දීමට නියමිතව සිටි නමුත් ඊට බාධාවක් එල්ල වුණැයි දකුණු ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
මහ ඇමැතිනිය දිවුරුම් දිය යුතුව ඇත්තේ තමිල්නාඩු ආණ්ඩුකාරවරයා ඉදිරියේය. ආණ්ඩුකාර විද්‍යාසාගර් පවසා ඇත්තේ තමන් කලින් යොදා ගත් රාජකාරි ඇති බැවින් අද දිනයේ ශෂිකලා හමුවීමට පැමිණීමට නොහැකි බවය. ඒ අනුව, දිවුරුම් දීම හෙට (8) සිදුවනු ඇතැයි පාලන අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂය නිවේදනය කර ඇත.
(එන්.ඩී.ටීවී.)

