වෙළෙඳ ගනුදෙනුවලට තර්ජනයක්



මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බි‍්‍රක්සිට්’ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින නව පනත් කෙටුම්පත හරහා මහා බි‍්‍රතාන්‍යය සහ ඇමෙරිකාව අතර වෙළෙඳ ගනුදෙනුවලට සෘජුව බලපෑම් එල්ල වනු ඇති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කියයි.

ට‍්‍රම්ප් ධවල මන්දිරයේ දී මාධ්‍යවේදීන් පිරිසක් හමුවෙමින් පැහැදිලි කළේ බි‍්‍රක්සිට් පනත් කෙටුම්පත මහා බි‍්‍රතාන්‍යයට වාසි ගෙන දෙන නමුත්, ඇමෙරිකාව සහ මහා බි‍්‍රතාන්‍යය අතර වෙළෙඳ ගිවිසුම්වලට එය බාධාවක් වනු ඇති බවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS