වෙනිසියුලා බන්ධනාගාරයක ගැටුමක්



වෙනිසියුලාවේ බන්ධනාගාරයක හටගත් දරුණු ගැටුමකින් රැඳෙවියන් 68 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 20 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කෙළේය.

ගැටුම හටගෙන ඇත්තේ ප්‍රතිවාදී අපරාධ කල්ලි දෙකක සාමාජිකයන් අතරේය. ප්‍රචණ්ඩකාරීව හැසිරුණු රැඳෙවියන්ට බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය වෙඩි තැබුවේ යැයි රැඳෙවියන්ගේ ඥාතීහු චෝදනා කරති.

වෙනිසියුලා රජය කියා සිටියේ සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන බවය. ගැටුම ආරම්භ වී ඇත්තේ එක් අපරාධ කල්ලියක සාමාජිකයන් පිරිසක් මෙට්ටවලට ගිනි තැබීමත් සමඟය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS