වෙනිසියුලා ජනපති බ්‍රසීල ජනපති හමුවෙයි



වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ, බ්‍රසීලයේ සංචාරයකට පැමිණ, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හමුවිය.

ඇමෙරිකාවේ උදහසට ලක් වී සිටින රාජ්‍ය නායකයකු ලෙස සැලකිය හැකි මදුරෝ මෙසේ බ්‍රසීලයේ සංචාරයකට පැමිණියේ වසර ගණනකට පසුවය. වෙනිසියුලාව සහ බ්‍රසීලය ලතින් ඇමෙරිකා රාජ්‍යයන්ය.

බ්‍රසීලය සමඟ යහපත් සබඳතා පවත්වා ගෙන යෑම මෙම සංචාරයේ අරමුණ යැයි මදුරෝ පවසා තිබේ. මදුරෝට බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

(රොයිටර්)


RECOMMEND POSTS