වෙනිසියුලා ජනපති චීනයේ

ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ නිල සංචාරයක් සඳහා චීනයේ බීජිං බලා පැමිණියේය.
චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් වෙනිසියුලා නායකයාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. තාක්ෂණ, අධ්‍යාපන, වෙළෙඳ, සංස්කෘතික සහ සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ චීන රජය අතරේ ගිවිසුම් 28 කට අත්සන් තැබුණැයි විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.
ලතින් ඇමෙරිකා කලාපයට අයත් රාජ්‍යයක් වන වෙනිසියුලාව අර්බුද රැසකට මුහුණ දී සිටී. මදුරෝ, වෙනිසියුලාවේ ජනාධිපති ධුරයට පත් වූයේ හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු, චාවේස්ගේ අනුප්‍රාප්තිකයා ලෙසය.
අද වනවිට වෙනිසියුලාව ආර්ථික සහ බලශක්ති අර්බුදයක් පවතී. වෙනිසියුලාවේ දරිද්‍රතාව ඉහළ ගොස් ඇති අතර යටිතල පහසුකම් පවා ඉතා දුර්වල තත්ත්වයක පවතී.
වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් ජනපති මදුරෝට එරෙහිව විරෝධතා පවත්වයි. මෙම වසර මුලදී එනම් මැයි 20 වැනිදා වෙනිසියුලා ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, විපක්ෂ දේශපාලන අපේක්ෂකයන් පරාජය කරමින් යළි ජනපති ධුරයට පත් වීමට මදුරෝ සමත් විය.
රට මුහුණ දී සිටින ආර්ථික අභියෝග ජය ගැනීමට තමන් චීනය සමඟ සාකච්ඡා පැවැත් වූ බවත්, එම ආර්ථික අභියෝග ජය ගැනීමට චීනයේ සහාය ලැබෙන බවත් සංචාරය අතරතුරේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වෙනිසියුලා නායකයා කියා සිටියේය.
(රොයිටර්ස්)

