වෙනිසියුලාවේ පාසල් වැසෙයි



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් දෙදෙනකු හමුවීමත් සමඟ වෙනිසියුලා රජය ද එරට සියලු පාසල් වසා දැමීමට තීරණය කර ඇත.

මේ බව නිවේදනය කළේ වෙනිසියුලා උප ජනාධිපති ඩෙල්සි රොඞ්රීගේස්ය. ඒ අනුව රජයේ පාසල්, විශ්ව විද්‍යාල ඇතුළු අධ්‍යාපනික ආයතන පමණක් නොව, පෞද්ගලික පාසල්වලට ද නිවාඩු හිමිවී තිබේ.

මේ අතර වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට යුරෝපා රටවලින් පමණක් නොව, අසල්වැසි කොලම්බියාවෙන් ද පැමිණෙන සියලු ගුවන් යානා වෙනිසියුලාවට ඇතුළු කර නොගන්නා බව වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ පවසා ඇත.

හමුවුණු ආසාදිතයන් දෙදෙනාගෙන් එක් අයකු ඇමෙරිකාවේ සිට පැමිණ ඇති බවත් අනෙක් ආසාදිතයා ස්පාඤ්ඤයේ සිට පැමිණි අයකු බවත් පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS