වෙනසක් කළ හැකි කොරෝනා පරීක්ෂණයක්
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ඉක්මණින් සොයා ගත හැකි මිල අඩු වයිරස පරීක්ෂණ කට්ටලයක් හඳුන්වාදීමට අප්‍රිකාවේ සෙනගාල් රාජ්‍යයේ විද්‍යාඥයෝ සමත් වී සිටිති.
මෙම පරීක්ෂණ කට්ටලය සඳහා වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් එකක් වන අතර වයිරස ආසාදිතයකු ද නැද්ද යන්න දැන ගැනීමට ගත වන්නේ මිනිත්තු 10 ක් පමණක් බව ද පැවැසෙයි.
රුධිරයේ සීනි පරීක්ෂා කරන ආකාරයට, ඇඟිල්ලකින් රුධිර බිංදුවක් ලබා ගනිමින්, එය කොරෝනා වයිරස ප්‍රතිදේහ සඳහා පරීක්ෂා කිරීම මෙම පරීක්ෂණයේදී සිදු කෙරෙන බව ජෛව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ පැහැදිලි කරති.
ජෛව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් මෙම විප්ලවීය කොරෝනා පරීක්ෂණ කට්ටලය හඳුන්වා දී ඇත්තේ පසුගිය මාස කීපයේ සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙනි.
අප්‍රිකා රටවල කොරෝනා ආසාදිතයන් කඩිණමින් හඳුනා ගැනීමේ අරමුණ ඇතිව විද්‍යාඥයෝ මෙම පරීක්ෂණ කට්ටලය නිපදවා ඇතැයි ද පැවැසෙයි.
ඩකාර් ජෛව වෛද්‍ය පර්යේෂණ ආයතනය, ඩයට්රොප්කිස් ව්‍යාපාර සමාගම සමඟත්, මහා බ්‍රිතාන්‍යයේ මොලොජික් ඇතුළු තවත් ඖෂධ පර්යේෂණ සමාගම් පහක් සමඟත් සම්බන්ධ වී සිටින බව ද වාර්තා වේ.
ඩකාර්හිදීය (රොයිටර්)

