වෙඩි තැබීමකින් 6 ක් මරුට



ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ බේකර්ස්විල්හි සිදුවුණු වෙඩි තැබීමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

වෙඩි තැබීම සිදුවී ඇත්තේ ට්‍රක් රථ කුළියට ලබා දෙන ව්‍යාපාරික ස්ථානයකදීය. වෙඩි තැබීම කළ පුද්ගලයා එම ස්ථානයට පැමිණ ඇත්තේ ඔහුගේ බිරිඳ ද සමඟය.

ඔහු එම කාර්යාලයේ සිටි පිරිසටත් බිරිඳටත් වෙඩි තබා ඇත. එම වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු ද දිවි නසා ගත් බව පොලිසිය මාධ්‍ය වෙත අනාවරණය කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි. වෙඩික්කරුගේත් බිරිඳගේත් අනන්‍යතා මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැති බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS