වෙඩික්කරුගේ වීඩියෝ දසුන් එසැණින් ඉවතට



ඕස්ටේ‍්‍රලියානු ජාතික 28 හැවිරිදි උම්මත්තකයා නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියට ඇතුළු වී වෙඩි තබා අමු අමුවේ මිනීමරන දසුන් කඩිනමින් ඉවත් කිරීමට තමන් පියවරගත් බව ෆේස්බුක් කියයි.

වෙඩික්කරු ඝාතන සිදු කළේ සජීවීව එම දසුන් ෆේස්බුක් හරහා ප‍්‍රසිද්ධ කරමිනි. ෆේස්බුක් ආයතනය වහා මැදිහත් වී එම දසුන් ඉවත් කළ ද ඒ වනවිට බොහෝ දෙනකු ඒවා නරඹා තිබුණු බව ද පැවැසෙයි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS