වීදි බසින්න: විපක්ෂයට විරුද්ධ වෙන්න

පාකිස්තානයේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් තමන්ට සහාය දක්වමින්, විදී බැස, විපක්ෂයට විරුද්ධ වෙන්නැයි හෙට (3) දිනයේ විශ්වාසභංග ඡන්ද විමසුමට මුහුණ දෙන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇත.
තමන්ගේ ජීවිතය අනතුරට පත්වීමේ අවදානමක් ද පවතින නමුත්, පාකිස්තානයේ නිදහස සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් තමන් අවසන් මොහොත තෙක් සටන් කරන බව අග්රාමාත්ය ඉම්රාන් අවධාරණය කර තිබේ.
තම ජීවිතයට අනතුරක් ඇති බව ඉම්රාන් ඛාන් පැහැදිලි කළේ ඒ බව ඔප්පු කිරීමට පැහැදිලි සාක්ෂි ඇතැයි ද පවසමිනි.
අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් ඇත්තේ පාකිස්තාන විපක්ෂ සන්ධානයේ ප්රධාන දේශපාලන බලවේගය වන 'පාකිස්තාන ජනතා පක්ෂය' මැදිහත් වීමෙනි.
විශ්වාසභංගයට හේතු වී ඇත්තේ, පාකිස්තානයේ වත්මන් ආර්ථික අර්බුදයට අග්රාමාත්ය ඉම්රාන් ඛාන් වගකිවයුතු බවට විපක්ෂය චෝදනා නගන බැවිනි. මේ වනවිට අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ට පාකිස්තාන ජාතික සභාවේ බහුතරය ද අහිමි වී ඇත.
(රොයිටර්)

