විස වායු ප්‍රහාරය මනුෂ්‍යත්වයට නින්දාවක්



එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියාවේ විෂ වායු ප්‍රහාරය හෙළා දකිමින් කියා සිටියේ "එය මනුෂ්‍යත්වයට කරන ලද නින්දාවක්" බව කියා සිටී.

සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයට එල්ල කෙරුණු මෙම විෂ වායු ප්‍රහාරයෙන් පනස් හැත්තෑ දෙදෙනෙකු මරණයට පත්වූ බව වාර්තා වෙයි.
බ්‍රිතාන්‍යය මූලස්ථානය කරගත් සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය පවසන්නේ මෙම ගුවන් ප්‍රහාරයෙන් මියගොස් ඇති පිරිසෙන් වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය වැසියන් වන අතර ඉන් 20 දෙනෙකු ළමුන් බවය.

මහා මාර්ගයේ සිටියදී විෂ වායු ප්‍රහාරයට ගොදුරු වූ කුඩා දරුවන් ඇතුළු විශාල පිරිසක් හුස්ම ගැනීම අසීරුව පීඩා විඳිමින් සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පට නිකුත්වී තිබේ.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි....

 


RECOMMEND POSTS