විශේෂ කෑම වට්ටෝරු
‘ජී20’ සමුළුවට සහභාගීවීම සඳහා ආජන්ටිනාවේ බුනර්නෝස් අයර්ස් නුවරට පැමිණෙන ලොව ආර්ථික වශයෙන් බලවත් රටවල රාජ්ය නායකයන් වෙනුවෙන් විශේෂිත ආජන්ටිනාවට පමණක් ආවේණික කෑම වට්ටෝරු සකස් ඇතැයි පැවැසෙයි.
ආජන්ටිනා ක්රමයට සැකැසූ හරක් මස්, එළු මස් සහ ‘චොරිපාන්’ නමැති සොසේජස් ඒ අතරින් කැපි පෙනෙන බව පැවැසෙයි.
ආජන්ටිනා වැසියන් සමබල පමණක් නොව, බර වැඩි ආහාර ඔවුන්ගේ කෑමවේලවලට එක් කරන බවත්, බඩ පිරෙන්න කෑම කන බවත්, එම සුවිශේෂී කෑම රස බැලීමට ලෝක නායකයන්ට අවස්ථාව උදාවනු ඇති බවත් ආජන්ටිනා සූපවේදීහු පෙන්වා දෙති.
(රොයිටර්ස්)

