විශ්වාසභංගයෙන් ඉම්රාන් පරදී

පාකිස්තාන පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාස භංගයෙන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පරාජයට පත්විය.
මේ අනුව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත් ආර්ථිකය කෙමෙන් කෙමෙන් දුර්වල වෙමින් ආර්ථික අර්බුදයක් නිර්මාණ වී ඇති බවටත් චෝදනා කරමින් පාකිස්තානයේ විපක්ෂය අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව මෙම විශ්වාස භංග යෝජනාවය ඉදිරිපත් කළේ ය.
ඒ අනුව පාර්ලිමේන්තුවේ දී විශ්වාස භංග ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එහි ප්‍රතිඵල නිකුත් කෙරුණේ ඉරිදා (10) අලුයම 01 ට ය.
පාකිස්තාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ මෙම ඡන්ද විමසීම පැවැත්වුණු අතර එය 342කින් සමන්විත ය.
එම ආසන සංඛ්‍යාවෙන්, ආසන 174ක බලය තහවුරු කරගැනීමට පාකිස්තානයේ විපක්ෂ පක්ෂ සමත් විය. එය බහුතර බලය බලය යැයි වැඩ බලන කතානායක අයාස් සදීක් පැවැසීය.
ඡන්ද විමසීම සඳහා ඉම්රාන් ඛාන්ගේ පක්ෂය නියෝජනය කරමින් පැමිණ සිටියේ කිහිපදෙනකු පමණි.
පාකිස්තානයේ හමුදා ජෙනරාල් කමාර් ජාවේද් බජ්වා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මුණ ගැසුණු බව ආරංචි මාර්ග දෙකකින් කියැවිණි. හමුදා ජෙනරාල්වරයා පාකිස්තානය තුළ ප්‍රභලයකු/බලවතකු ලෙස සැලකේ. පාර්ලිමේන්තු ක්‍රියාවලියේ ප්‍රමාදය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබෙන මොහොතක එම හමුව සිදුව තිබිණි.
විශ්වාස භංගය සඳහා ඡන්ද විමසීම ආරම්භ වූයේ ඉන් පසුවය.
පාකිස්තාන බිහි වීමෙන් පසු ගෙවුණු කාලයේ දී, ඉන් අඩක් පාලනය කර ඇත්තේ එරට හමුදාව ය.
පාකිස්තානය මිලියන 220ක ජනතාවක් ජීවත් වන රටකි.
පාකිස්තානයේ විපක්ෂ නායක ෂෙබාස් ෂරීෆ් හේ වනවිට ඉදිරියට පැමිණ ඇත.
ෂෙබාස් මේ වනවිට 70 හැවිරිදි වියේ පසුවන අතර තෙවරක් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබ වූ නවාස් ෂරීෆ් ගේ බාල සොහොයුරා ය. ඔහුට කාර්යක්ෂම පාලකයකු ලෙස පිළිගැනීමක් තිබේ.
(රොයිටර්)

