විරෝධතාකරුවෝ 6 ක් මැරිලා

පොලිස් අණ නොතකා නව පුරවැසි පනතට විරෝධය පළ කරමින්, ඉන්දියාවේ උත්තරකාන්ද් ප්රාන්තයේ විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
පොලිස් වෙඩි පහරින් මෙම පිරිස මියගිය බවට චෝදනා එල්ල වුවත්, උත්තර ප්රදේශ් පොලිස්පතිවරයා පවසා ඇත්තේ තම නිලධාරීන් ජීව උණ්ඩ කිසිවක් භාවිත නොකළ බවය.
පොලිසිය පවසන්නේ විරෝධතාකරුවන් අතරේ හටගත් ගැටුම් හේතුවෙන් එම හය දෙනාගේ මරණය සිදුවුණු බවය.
සම්හාල්, ෆිරෝසාබාද්, මීරුත් සහ කන්පූර් යන නගරවල විරෝධතාකරුවන් සහ පොලිසිය අතරේ හටගත් ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව ද ප්රාන්ත පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)

