විරෝධතාකරුවන් හමුවන්න සූදානම්
ජීවන වියදම ඉහළ යෑම සහ ඉන්ධන බදු සම්බන්ධයෙන් විරෝධතා පවත්වන විරෝධතාකරුවන් හමුවී සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් යැයි ප්රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් කියයි.
දිනෙන් දින උත්සන්න වන විරෝධතා සම්බන්ධයෙන් විශේෂ හමුවක් පවත්වා සාකච්ඡා කිරීමට මැක්රොන් පෙරේදා (2) පියවර ගත්තේය. ඒ, පෙරේදා දිනයේ පැරිස් අගනුවර පැවැති විරෝධතා ප්රචණ්ඩ ස්වරූපයක් ගැනීම හේතුවෙනි.
ජීවන වියදම ඉහළ යෑම සහ ඉන්ධන බදු සම්බන්ධයෙන් ප්රංශයේ විරෝධතා ඇරැඹුණේ මීට සති තුනකට පෙරය. කලහකාරීව හැසිරෙන විරෝධතාකරුවන් සහ පොලිසිය අතර හටගත් ගැටුම්වලින් විරෝධතාකරුවන් තිදෙනකු මියගොස් ඇති බවත්, 110 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. කලහකාරීව හැසිරෙමින් දේපොල හානි සිදුකළ 270 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ද වාර්තා වේ.
(රොයිටර්ස්)

