වියට්නාමයේ 37 ක් මරුට

නොකඩවා ඇද හැළෙන මෝසම් වැසි හේතුවෙන් හටගත් හදිසි ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් වියට්නාමයේ 37 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 40 කට ආසන්න පිරිසක් අතුරුදන් බවත් එරට ආපදා කළමණාකරන නිලධාරීහු පවසති.
හදිසියේ හටගත් ප්රචණ්ඩ ජල ගැලීම් හේතුවෙන් මධ්‍යම වියට්නාමයේ පාලම් කිහිපයක් අසුරුසැණින් කැඩී ගියේය.
විපතට පත් වූ පිරිස් සම්බන්ධයෙන් පුවත් වාර්තා කරමින් සිටි වියට්නාම් පුවත් නාළිකාවක මාධ්‍යවේදියකු සහ කැමරාකරුවකු ද ජල ගැල්මට හසුවී ගසා ගෙන ගිය බව පැවැසෙයි. මොවුන් දෙදෙනා සිට ඇත්තේ ජල ගැලීමට හසුවුණු එක් පාලමක් මතය.
මහ වැසිවලින් දරුණු හානි සිදුවී ඇත්තේ ගිණිකොණදිග වියට්නාමයට යැයි ද පැවැසෙයි. ගම්මාන කිහිපයක් ද මුළුමනින්ම නායයෑමට හසුවී ඇත. කුඹුරු අක්කර රැසක් විනාශ වී ඇති බවත් සිදුවුණු අලාභය මෙතෙක් ගණනය කර නැති බවත් වියට්නාම් බලධාරීහු පවසති.
අවදානම් පළාත්වල ජීවත් වුණු ගම් වැසියන් අට දහසකට වැඩි පිරිසක් ඔවුන්ගේ ගම්මානවලින් ඉවත් කෙරුණු අතර ඔවුහු මේ වනවිට සහන කඳවුරුවල ජීවත් වෙති.
එම පිරිසට අවශ්‍ය පහසුකම් ලබා දීමටත් සහන සේවා සඳහාත් හමුදාව යොදවා ඇතැයි ද පැවැසෙයි.
නිවාස 20,000 ක් මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බව ද වියට්නාම් පුවත් සේවා වාර්තා කර තිබේ.
(රොයිටර්)

