විමර්ශනයට සහාය දෙන්නේ නෑ

තමාට එරෙහිව ගෙන ඒමට සැරැසෙන දෝෂාභියෝගයට අදාල විමර්ශන කටයුතුවලට තමන්ගේ සහාය ලබා නොදෙන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.
ට්‍රම්ප්ට එරෙහිව දෝශාභියෝගය ගෙන ඒමට සැරැසෙන්නේ, ඇමෙරිකා කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයයි. ඇමෙරිකන් කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ඩිමොක්‍රටික්වරුන් සතුවය. සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයන් සතුවය.
ට්‍රම්ප්ට එරෙහිව දෝෂිභියෝගය ගෙන එන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතා නායිකා නැන්සි පෙලෝසිය. ඒ, ට්‍රම්ප්, එලැබෙන 2020 ජනපතිවරණයේ සිය ප්‍රධාන ප්‍රතිවාදියා වනු ඇතැයි පැවැසෙන ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන්ට ‘මඩ ගැසීම’ සඳහා විදෙස් නායකයකුගේ සහාය ඉල්ලීම නීති විරෝධී බව පෙන්වා දෙමිනි.
ඇමෙරිකාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයකු ද වන ජෝ බයිඩන් සම්බන්ධයෙන් ට්‍රම්ප් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සැලෙන්ස්කිගෙන් පමණක් නොව චීන රජයෙන් ද ඉල්ලීමක් කර ඇත.
වොෂින්ටනයේදීය (රොයිටර්ස්)

