විපක්ෂ නායකයාට වසර 15 ක රාජ්‍ය සේවා තහනමක්
වෙනිසියුලා විපක්ෂ නායක මෙන්ම, එරට විපක්ෂ සන්ධානය එක් වී, වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස ද නම් කළ යුවාන් ගුඅයිඩෝ ට වසර 15 ක රාජ්‍ය සේවා තහනමක් පනවා ඇත.
විපක්ෂ නායකයාට මෙම රාජ්‍ය සේවා තහනම පැනැවීම සිදු කළේ වෙනිසියුලා රජයේ ප්‍රධාන මූල්‍ය පාලකවරයාගේ නිර්දේශ අනුවය. ගුඅයිඩෝගේ පෞද්ගලික ගිණුම්වල පවතින මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් වෙනිසියුලාවේ ප්‍රධාන මූල්‍ය පාලක එල්වෙස් ආර්මානෝ, විපක්ෂ නායකවරයාට මෙම තහනම පැනැවීමට කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.
වෙනිසියුලා විපක්ෂය විසින් පාලනය කරනු ලබන වෙනිසියුලා ජාතික මන්ත්‍රණ සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ගුඅයිඩෝ ය. එල්වෙස් ආර්මානෝ වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ සමීපතමයකු හෙයින්, වෙනිසියුලා ජනාධිපතිවරයා, මූල්‍ය පාලනාධිකාරීවරයා ලවා ගුඅටිඩෝ නිහඬ කිරීමට මෙම තීරණය ගත්තේ යැයි චෝදනා එල්ල වෙමින් පවතී.
ඇමෙරිකාව ඇතුළු රටවල් 50 ක්, වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ලෙස පිළිගෙන ඇත්තේ ගුයිඩෝ ය. කෙසේ නමුත් රුසියාව සහ චීනය සහාය දක්වන්නේ, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ රජයටය. විදේශ සමඟ එක් වී වෙනිසියුලාව අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ විදේශවලින් මුදල් ලබා ගැනීම ආදී චෝදනා රැසක් ද ගුඅයිඩෝට එරෙහිව එල්ල වී ඇති බව පැවැසෙයි.
වසර 15 ක රාජ්‍ය සේවා තහනමක් පනවමින්, ගුඅයිඩෝ නිහඬ කිරීමට වෙනිසියුලා ජනාධිපති මදුරෝ උත්සාහ ගන්නවා යැයි ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් චෝදනා කරයි.
කැරැකස්හිදීය (ඒ.එෆ්.පී.)

