විපක්ෂයට විශිෂ්ට ජයක්



මැලේසියාවේ හිටපු අගමැතිවරයකු වන මහතීර් මොහොමද්ගේ නායකත්වයෙන් යුත් මැලේසියා විපක්ෂ සංධානය එරට පැවැති මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගෙන ඇත.

හිටපු අගමැති 92 හැවිරිදි මහතීර් මොහොමද් මෙහෙයවූ විපක්ෂ සංධානය ආසන 112 ක් දිනාගෙන ඇති අතර, වත්මන් අගමැති නජීබ් රසාක් සහ ඔහුගේ පාලක පක්ෂයට දිනා ගැනීමට හැකිවී ඇත්තේ ආසන 76 ක් පමණි. මැලේසියා පාර්ලිමේන්තුවේ ආසන 222 කි.

අගමැති නජීබ් රසාක්ගේ පාලක පක්ෂය වන්නේ බරිසාන් නැසියුනාල්ය. පසුගිය 60 වසරක තිස්සේ මැලේසියාවේ පාලක පක්ෂය ලෙස කටයුතු කළේ මෙම පක්ෂයයි. එම පක්ෂය පිහිටුවීමෙහිලා පුරෝගාමියකු ලෙස කටයුතු කළේ මහතීර් මොහොමද්ය.

(රොයිටර්)


RECOMMEND POSTS