විදේශිය ඉස්ලාම් භක්තිකයෙකු පල්ලිය තුලදී මියයයි



අල්-සිද්දික් හි පිහිටි මුස්ලිම් පල්ලියක තම ආගමික කටයුතු කිරීම සදහා පැමිණි විදේශිය ඉස්ලාම් භක්තිකයෙකු තම ශරීර කෘත්‍ය කරගැනීම සදහා වැසිකිලියට ගිය අවස්ථාවේදි මියගොස් ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්ථා කලේය. 

අපරාධ පරීක්ෂණ නිළධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිරුර පරීක්ෂා කර අධිකරණ වෛද්‍ය පරීක්ෂණාගාරය වෙත යවන ලදී.  
සියළු අධිකරණ වෛද්‍ය පරීක්ෂණ අවසන් වීමෙන් පසු මරණයට හේතුවු කරුණු සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ඇත.

මරණය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් මේ වනවිටත් පොලීසිය මගින් සිදුකරමින් ඇත.

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS