වැඩිම ආසාදිතයන් දකුණු කොරියාවේ



චීනයෙන් පිට වැඩිම කොරෝනා ආසාදිතයන් හමුවී ඇති එක් රටක් වන්නේ දකුණු කොරියාවය.

ගතවුණු පැය 24 ඇතුළත නව රෝගීන් 256 ක් හමුවුණු බවත්, දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයන් ගණන ඒ අනුව 2,022 දක්වා ඉහළ ගිය බවත් දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය.

වැඩිම කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ දකුණු කොරියාවේ ඩූගු නගරයෙනි. එම සංඛ්‍යාව 182 කි. මියගිය ආසාදිතයන් ගණන 13 දක්වා ඉහළ ගොස් ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS