වැටුප් ගෙවන්න බැරිනම් විදේශ ශ්‍රමිකයන් ආපසු යවන්න

දිගටම වැඩ නොමැති සමාගම් සහ වැටුප් ගෙවීමට අරමුදල් නොමැති සමාගම් තම විදේශ ශ්‍රමිකයන් ඔවුන්ගේ රටවලට ආපසු යැවිය යුතුයයි ඕමානයේ මිනිස් බල අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසිය.
සේවකයන්ට වැටුප් ගෙවීමට ප්‍රමාණවත් මුදලක් නොමැති සහ ව්‍යාපෘති නොමැති සමාගම් ඇත්නම් ඔවුන් තම සේවකයන් ඔවුන්ගේ මව්රටවලට ආපසු යැවිය යුතුයි. ඔවුන් මෙහි රඳවාගෙන අසරණභාවයට පත් නොකළ යුතුයි ඣ්යෙෂ්ඨ නිලධාරියා පැවසීය.
සේවකයන් ආපසු යැවීම සේවාදායකයාගේ වගකීමක්. නියමිත කාලයට වඩා රැඳී සිටීම වෙනුවෙන් සේවකයන්ට කිසියම් දඩයක් ගෙවිමට සිදුවුවහොත් එය සේවාදායකයා විසින් ගෙවිය යුතුය‘යිද නිලධාරියා පැවසිය.
ඛනිජ තෙල් මිල අර්බුදය නිසා සමාගම්වලට කොන්ත්‍රාත්තු සහ ව්‍යාපෘති ලැබෙන්නේ ඉතාම අඩුවෙනි. එනිසා සේවකයෝ සිය ගණනින් වැටුප් නොමැතිව අසරණභාවයට පත්ව සිටිති. සමහර අවස්ථාවලදී ඔවුන්ට මාස ගණනක් එසේ සිටීමට සිදුවේ.
පසුගිය මාස කිහිපය තුළම වැටුප් නොලැබූ විදේශ ශ්‍රමිකයෝ විශාල පිරිසක් ඕමානයේ සිටිති.
‘ඉතාම හොඳින් ව්‍යාපෘති තිබූ මුස්කට් නුවර සමාගමක් මේ වසරේ ජූනි දක්වා කාලය තුළ සේවකයන් පන් දහසකට වැඩි පිරිසක් ආපසු සිය රටවලට යවා තිබෙනවා‘. එම නිලධාරියා තව දුරටත් පැවසීය

