වසර දෙකකින් කොරෝනා අවසන්



තව වසර දෙකක් යන විට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ලොවෙන් තුරන් වී යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩනොම් ගෙබ්‍රියේසිස් පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ පැවැසුවේ, මීට පෙර 1918 දී ලොවට මහා ව්‍යසනයක් ගෙනා, ස්පාඤ්ඤ උණ වසංගත අවසන් වීමට වසර දෙකක් ගත වූ බව පැහැදිලි කරමිණි.

ස්පාඤ්ඤ උණ වයිරසය ලොව කැලඹූයේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවක් නොමැති අවස්ථාවකය. එසේ වුවත් වසර දෙකක් යද්දී වයිරසය අඩපණ විය.

වර්තමානයේ වෛද්‍ය විද්‍යාවේ දියුණුව සහ තක්ෂණ දියුණුව අනුව වයිරසය පරාජය කිරීම පහසුවක් බව ද ගෙබ්‍රියේසිස් පෙන්වා දුන්නේය.

(රොයිටර්)


RECOMMEND POSTS