වයිරස මරණ 5,000 පසු කරයි



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන මේ වනවිට 5,000 පසුකර තිබේ.

වයිරස ආසාදිතයන් ගණන 1,40,000 ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

චීනයේ වයිරස ආසාදිතයන් අඩුවෙමින් පවතින නමුත් ඉතාලියේ දරුණු ලෙස වයිරසය පැතිර යයි.

ඉතාලිය යුරෝපා රටක් වන අතර, සෙසු යුරෝපා රටවලට ද වයිරසය ව්‍යාප්ත වී අවසන්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ‘කෝවිඞ් 19’ වයිරසයේ නව අපිකේන්ද්‍රය යුරෝපය වී ඇති බවය.

මේ අතර අද (14) වනවිට වයිරසය අප්‍රිකානු රටවල් 19 කට ව්‍යාප්තවී ඇත. අප්‍රිකාවට අයත් කෙන්යාවෙන්, ඉතියෝපියාවෙන්, සුඩානයෙන්, ගිනියා රාජ්‍යයෙන්, මුරුෂානියාවෙන් සහ ස්වාසිලන්තයෙන් ආසාදිතයන් හමුවී ඇතැයි වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS