වයිරස මරණ 14,641 ක්



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් අද (23) දිනය වනවිට ලොව පුරා සිදුවුණු මරණ සංඛ්‍යාව 14,641 ක් තෙක් ඉහළ ගියේය. ‘කෝවිඞ් 19’ ආසදිතයන් සංඛ්‍යාව 3,35,974 ක් ලෙස සටහන් විය.

වයිරසය හේතුවෙන් සිදුවුනු මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යද්දී, වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 98,000 ඉක්මවා තිබුණු බව ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය වාර්තා කර තිබුණි. මෙම දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කළ බව ද වාර්තා විය.

චීනයෙන් පිට තවමත් වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඉතාලියෙනි. අද (23) වනවිට ඉතාලියේ ආසාදිතයන් සංඛ්‍යාව 59,138 ක් ලෙස සටහන් විය. ඉතාලියෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 5,476 කි. ගතවුණු පැය 24 ඇතුළතදී ද ඉතාලියෙන් මරණ 650 කට වඩා වාර්තා විය.

ජිනීවාහාදීය (රොයිටර්)


RECOMMEND POSTS