වයිරසය වළක්වන්න ගත් ක්‍රියාමාර්ග සාර්ථකයි

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීමට ගත් ක්‍රමවේදය සාර්ථක වී ඇති බවත්, ලබන සඳුඳා එනම් 27 වැනිදා සිට යළි පාසල් සහ කාර්යාල විවෘත කිරීමට හැකිවනු ඇති බවත් නවසීලන්ත අගමැතිනිය ජැසෙන්ඩා එර්ඩන් පවසා ඇත.
වසංගත තත්ත්වයක් රටේ ඇතිවීම වළක්වා ගැනීමට හැකිවූයේ සෞඛ්‍ය අංශ නිසි පියවර ගැනීමත් සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් පිළිගැනීමට ජනතාව උනන්දුවීමත් සැලකිල්ලට ගනිමින් යැයි නවසීලන්ත අගමැතිනිය මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියාය.
නවසීලන්තයෙන් පළමු වරට ‘කොවිඞ් 19’ ආසාදිතයකු හමුවූයේ පසුගිය පෙබරවාරි 28 වැනිදාය. ඒ සමඟ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් සැලකිල්ලට ගනිමින් පාසල් සහ කාර්යාල පළමුවෙන් වසා දැමීමට අගමැති ජැසෙන්ඩා එර්ඩන් කටයුතු කළේය.
අදියරෙන් අදියර තහංචි පැනැවුණු අතර, පසුගිය මාර්තු 21 වැනිදා නවසීලන්තය ලොක්ඩවුන් කිරීමට අගමැතිනිය තීරණය කළාය. මේ වනවිට නවසීලන්තයේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 1,105 ක් යැයි පැවැසෙයි. මියගිය ගණන 12 කි. සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන 974 කි.
වෙලිංටන්හිදීය (රොයිටර්)

