වයිරසය රටවල් 40 ක් පුරා පැතිරේ



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වුණු ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 40 ක් පුරා පැතිර ගොස් ඇතැයි වාර්තා වේ. 

නෙදර්ලන්තයෙන්, අයර්ලන්තයෙන්, නයිජීරියාවෙන් පළමු වරට කොරෝනා ආසාදිතයන් හමුවිය.

නයිජීරියාව අප්‍රිකා රාජ්‍යයක් වන අතර, එය අයත් වන්නේ උප සහරා කලාපයටය. ඒ අනුව, උප සහරා කලාපයෙන් කොරෝනා ආසාදිතයකු හමුවුණු පළමු අවස්ථාව මෙය බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

වයිරසය හේතුවෙන් සිදුවුණු මරණ සංඛ්‍යාව 2,858 ක් දක්වා ඉහළ ගිය බවත්, ආසාදිතයන් සංඛ්‍යාව 83,389 දක්වා ඉහළ ගිය බවත් වාර්තා විය. කොරෝනා ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන 36,571 කි. වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයන් හමුවී ඇත්තේ චීනයෙනි.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS