වයිරසය පාලනය වුණේ රටවැසියන් විනයගරුක නිසා
නවසීලන්තයේ ‘කොවිඞ් 19’ වයිරස වසංගතය පාලනය වී ඇති බවත්, එසේ වයිරසය පාලනය කිරීමට හැකිවූයේ රට වැසියන්ගේ විනයගරුකභාවය නිසා බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩන් ඊයේ (27) මාධ්‍ය හමුවේ අවධාරණය කළාය.
සෞඛ්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන් මෙන්ම නවසීලන්ත වැසියන් සම්බන්ධයෙන් ද තවම් බෙහෙවින් ආඩම්බර වෙනවා යැයි නවසීලන්ත අගමැතිනිය ජාතිය අමතමින් පැවැසුවාය.
‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකි වුවත්, නවසීලන්තයෙන් දෛනිකව ආසාදිතයන් වාර්තා වෙයි. ඒ එක්කෙනා දෙන්නා බැගිනි. පොකුරු වශයෙන් සමාජයෙන් ආසාදිතයන් වාර්තා වීමක් සිදුනොවෙයි. එසේ වූයේ නවසීලන්තය ලොක්ඩවුන් කරමින් තහංචි පැනැවීමට අගමැතිනිය පියවර ගැනීම නිසාය.
නවසීලන්තය අගමැතිනිය ඊයේ (27) එරට වැසියන්ට පැනැවූ තහංචි කෙමෙන් ලිහිල් කළාය. ඒ අනුව, අත්‍යාවශ්‍ය සේවා යළි ආරම්භ විය. ඉදිරියේ දී රාජ්‍ය සහ පෞද්ගලික කාර්යාලවල වැඩකටයුතු පමණක් නොව, පාසල් ද ආරම්භ කිරීමට තමන් බලාපොරොත්තු වන බව අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් පවසා ඇත.
නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත්තේ, වයිරස ආසාදිතයන් අඩු අගයක් ගත්ත ද වයිරසය නවසීලන්තයෙන් තුරන් වී නොමැති බවය.
නිවසින් පිටතට යෑමේදී මුඛ ආවරණ පැලඳීම පමණක් නොව යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු යැයි සෞඛ්‍ය බලධාරීන් නවසීලන්ත වැසියන්ට පවසා ඇත. නවසීලන්තයෙන් හමුවී ඇති ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 1,500 ට වඩා අඩු වන අතර මරණ වාර්තා වී ඇත්තේ 19 ක් ලෙසිනි.
වෙලින්ටන්හිදීය (රොයිටර්)

