වයිරසය දිගු කාලයක් අප අතරේ පවතීවි

මිලියන 2.5 කට වැඩි පිරිසකට ආසාදනය වූ, 1,78,000 කට වඩා වැඩි පිරිසකට මරු කැඳවූ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය බොහෝ කාලයක් අප අතරේ ව්‍යාප්ත වෙමින් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ත්රෙඩෝස් ඇඞ්හැනොම් ග්රෙබියේසිස් අනතුරු ඇඟවීය.
ඇඳිරි නීති පැනැවීම සහ දේශසීමා වසා රටවල් අගුලු දැමීම (ලොක්ඩවුන්) හරහා වයිරස ව්‍යාප්තිය පාලනයට විවිධ රටවල් අනුගමනය කළ තහංචි සාර්ථක වී ඇති නමුත්, එම තහංචි ඉවත් කිරීමත් සමඟ වයිරස ව්‍යාප්තිය යළි සිදුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැහැදිලි කර තිබේ.
මේ අයුරින් යළි වයිරසය ව්‍යාප්ත වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ ලතින් ඇමෙරිකා සහ අප්‍රිකානු රටවලය. ‘ලතින් ඇමෙරිකා සහ අප්‍රිකා රටවල් තවමත් වයිරස ව්‍යාප්තියේ මුල් අදියරේ ඉන්නේ. ඔවුන් ඉක්මන් වී තහංචි ඉවත් කළොත් සිදුවන්නේ මහ විනාශයක්’ යැයි ත්රෙඩෝස් ඇඞ්හැනොම් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.
ජිනීවාහිදීය (රොයිටර්)

