වයිරසයට බිලිවුණු ගණන 1,500 ක්

‘කෝවිඞ් 19’ යන නිල නාමයෙන් හැඳින්වෙන, චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වයිරසයට බිලිවුණු ගණන අද (15) වනවිට 1,500 පසු කළේය.
චීන අලුත් අවුරුදු නිවාඩුව අද (15) නිමාවට පත් කිරීමට චීන රජය තීරණය කළ අතර, තම ගම්බිම්වල සිටි පැමිණෙන පිරිස් තවත් දින 14 ක් හැකිතාක් නිරෝධායනය වී (අනෙක් අයගෙන් වෙන්වී) සිට රෝග ලක්ෂණ පහළ වූයේ නැතිනම් දෛනික රාජකාරිවල යෙදෙන්නැයි චීන බලධාරීන් ඉල්ලා ඇත.
(අල් ජසීරා)

